රිය පැදවීමේ ශිල්පක්‍රම

ඔබට මගතොටේදී අනතුරකින් තොරව ගමන්නතය දක්වා ගමන් කිරීමට අවශ්‍ය කරන රියදුරු ශිල්පක්‍රම අප කියාදෙන්නෙමු.

Image 02

01)සෑමවිටම කලහකාරී ලෙස හා නොසැලකිලිමත් ලෙස රිය පදවන්නන් මග හැරීම බුද්ධිමත් රිය පදවන්නේකුගේ කාර්යයි. ඉදිරිපස ඇති වාහනය ට ඉතා ආසන්නයෙන් ගමන් කිරීමද නොකළ යුතුය. ගමනක් යාමට ප්‍රථම තම වාහනයේ දොරවල් පරීක්ෂා කිරීම හා seat belt පැළඳීම මගින් අනතුරකදී ඔබට සිදු විය හැකි හානිය අවම කරගත හැක.

02)තමන් අවට පරිසරය දෙස හා පසුපස බලන කන්නාඩි දෙස නිතර අවධානය යොමු කරන්න. එක් වරක් ඒ දෙස බලේමෙන් ඔබට තත්පර 20ත් 30ත් අතර ඉදිරි කාලයක් පිලිබඳ අවබෝධයක් ලබාගත හැක.පිටුපසින් එන රථය තමා පසුකිරීමට තැත් කරයි නම් වේගය මදක් අඩු කර ඊට උදව් දෙන්න. පදිකයන් , බයිසිකල් කරුවන් හා සතුන් පිලිබඳ විශේෂ අවධානයක් යොමු කරන්න.

03)සෑම විටම අනෙකුත් රියදුරන් ඔබට ඉඩ ලබා දෙයි කියා නොසිතන්න. රතු එලිය තිබෙනවිට උවද නොනවත්වා රිය පදවන්නන් සමාජයේ සිටින බව සිහි තබාගන්න. අනෙකුත් රියදුරන් ඉතා නුගත් හා අපරීක්ෂාකාරී පිරිසක් යයි සිතා රිය පදවන්නා අමාරුවේ වැටෙන්නේ ඉතා කලාතුරකිනි.

04)සැමවිටම ගැලවීමේ මාර්ගයක් සිහි තබාගන්න. ඉදිරිපස අනතුරක් උවහොත් හෝ එක වර වහනය නැවැත්වුවහොත් තමන්ගේ රථය නවත්වාගැනීමට හැකි දුරකින් හා වේගයකින් ධාවනය කරන්න.

05)තත්පර 3ත් 4ත් අතර කාලයක් තුල රථය නවතාගැනීමට හැකි ලෙස ධාවනය කරන්න. එම කාලය සාමාන්‍ය තත්වයක් සඳහා අදාලව පමණි. වර්ෂාව,මීදුම, අදුර සහිත කාළගුනයකදී මෙම කාලය වෙනස් වේ. ඔබට ඉදිරිපසින් යන වාහනයේ ස්වබාවය අනුවද මෙය වෙනස් වේ.

06)ඔබේ රථය ඔබේ අණට කීකරු වන්නේ අඩු වේග තත්වයකදී පමණි. වේගය වැඩි වන තරමට එය පාලනය කිරීමද අපහසු කරුණක් වනු ඇත.

07)අනතුරු වලින් ඈත වෙන්න. අනතුරු බහුල මාර්ග හැකි තරම් මග අරින්න.උවදුරක් දුටු විට බුද්ධිමත්ව ඉන් ඈත වෙන්න.

08)රියදුරු අසුනේ සිටින තාක් අවධානය වෙන අතක යොමු නො කරන්න. අවධානය යොමු වෙන දෑ ළඟ තබගැනීමෙන් වලකින්න. රිය පැදවීම යනු සම්පුර්ණ අවධානය සහිතව කල යුතු කාර්යයකි.